Welcome to Ganemulla.ගණේමුල්ල

අතීතයේ වෙනත් නාමයකින් හැඳින්වූවායැයි හෙලිදරව්වන වර්ථමානයේ ගණේමුල්ල යයි නම්ලද මේ මනරම් භූමි ප්‍රදේශය තුල තෘප්තිමත් මනෝභාවයකින් යුතුව සැහැල්ලු දිවි පෙවතක් ගත කිරීමට තරම් ඔබ අප වාසනාවන්ත වී සිටිමු. අපට ඒ වාසනා ගුණය උදාකර දෙන්නේ ගමෙහි ස්වභාවික පිහිටීම විසින් යැයි මා සඳහන් කළහොත් ඔබද එයට එකඟ වනු ඇත. ගණේමුල්ල පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ඡන්ද කොට්ඨාශය තුලය. මේ දිස්ත්‍රික්කය ජනගහනය අතින් දෙවෙනි වන්නේ කොළඹ දිස්ත්‍රික්කයට පමණය. වැඩිම වර්ෂාපතනය ලැබෙන පහතරට තෙත් කලාපයට මෙම දිසාව අයත් වේ. මෙම ප්‍රදේශයට බලපවත්වන්නේ උෂ්ණ - තෙත් දේශ ගුණයකි. එනිසාම, වසරේ තුන්සිය හැටපස් දවස මුළුල්ලේම සියළු බව බෝග වැවෙන, මල් ඵල හටගන්නා, වසන්තය රජයන පිංබර භූමිභාගයක අපගේ දිවි මග සැකසී ඇත. මේ අනුව ගණේමුල්ල වැසියෝ භාග්‍ය වන්තයන් වී සිටී.

ගලහිටියාව මායිමේ (“ඉරහඳගල”) සිට නැගෙන හිරට මුහුණලා දෙපසට විහිදී යන ගණේමුල්ල ගම, නිමාව දකින්නේ අර්ධ කවාකාරව නිර්මාණය වු සුවිශාල දැකුම්කළු කුඹුරු යායකිනි. පරකන්දෙනිය- කොස්සින්න දෙගම් මැදින් මතුවන කුඹුරුයාය සිය පෙම්වතියට තුරුළු වූ පෙම්වතකු සේ අපේ ගම වටා එති එතී පැමිණ, උතුරු දෙසින් මාකිලංගමුව දෙසට නික්මි යයි. මේ අනුව කොස්සින්න, අමුණුගොඩ, යාගොඩ ගම් අපෙන් වෙන්කරමින් පැතිර ගිය වෙල්යාය මධ්‍යයෙන් දිවෙන පොදු ඇල මාර්ගය (කලුවල ඇල) ගණේමුල්ල ගමේ සීමා මායිම ලෙස සඳහන් කළ හැකිය.

මෙම සුන්දර වෙල්යාය සිපගනිමින් නිරන්තරයේ හමා එවන මන්ද මාරුතය, අප ගම්වැසියාට ලබාදෙන සිසිල පහස අස්වැසිල්ල කොයිතරම් ද? අමිල වටිනා කමකින් යුතු එහෙත් නොමිලයේ ලැබෙන පිරිසිදු වාතාශ්‍රයෙන් දිවිය පුරාම නිරෝගී සම්පන්නව විසීමට ලැබුනු මේ තරම් සුළුවෙන් තකන්න එපා ! යයි මා ඔබෙන් ඉල්ලමි. ඉතා අසීරු ඉඩෝර කාලයකදි වුවද නොසිඳෙන, සියළු අවශ්‍යතාවයන්ම සපුරා දිය හැකි ජල පෝෂක වලින් අනූන,ඉතා ප්‍රනීත පානීය ජල නිධියක් ගණේමුල්ල ප්‍රදේශය සතුව ඇත. ශ්‍රී ලංකාවේ ඇතැම් වියලි කර්කෂ භූමි ප්‍රදේශ හා සසඳනකල අපට උරුම වී ඇති මේ භූමිලාභය මේ ප්‍රදේශයට රන් ආකාරයක් පහල වුවට වඩා උතුම්කොට සැළකිය නොහැකි ද?

මේ ආකාරයෙන් ගණේමුල්ල ස්වභාව ධර්මයෙන් වර්ණවත් වෙත්දී, කාලානුබද්ධව පෝෂණය වූ සංවර්ධනය විසින් එය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර ගොන්නට කැඳවාගෙන ගොස් ඇත්තේ කාටත් හොරය. අපේ අගනගරය වූ කොලොන් පුරයට සමිපව ගණේමුල්ල පිහිටීම හා ඒ හා බැඳුනු ඝෘජු සම්බන්ධතාවයන්ගේ ප්‍රබලකම නිසාම ඉතා ඉහල ප්‍රසිද්ධියක් සම්බන්ධ තාවයන්ගේ ප්‍රබලකම නිසාම ඉතා ඉහල ප්‍රසිද්ධියක් හා ජනප්‍රසාදයක් මේ කුඩා භූමි ප්‍රදේශයට අදවන විට හිමිව තිබේ. බැලූ බැල්මට වර්ග කිලෝමීටරයක පමණ වපසරියකින් හෙබි මේ කුඩා ප්‍රදේශය මේ තරම් ආකාර්ෂණීය දියුණුවක් ලැබීමට බලපෑ වාස්තුවික හේතු කවරේදැයි විමසා බැලිම වටී.

ගණේමුල්ල ශ්‍රී ලංකාවේ ඒ ශ්‍රේණියේ මාර්ග දෙකකින්ම මැදවී ඇත. කොළඹ - නුවර හා කොළම- පුත්තලම ඒ මාර්ග දෙක වේ. ඒ ප්‍රධාන මාර්ග ආශ්‍රිතව නිර්මිත වූ ඉතාම දියුණු නගර ජාලයක් විසින් ගණේමුල්ල වටකොඩ ඇත. ගණේමුල්ලේ සිට කඩවතටත්, රාගමටත්, කඳානටත්, ජා-ඇලටත්, ගම්පහටත්,නුවරපාරේ බැළුම්මහරටත්, ඉඹුල්ගොඩටත්, කිරිල්ලවලටත් රිජුව යා හැකි මේ මාර්ග සම්බන්ධතාවය පිළිබඳව මා සිතට මැවෙන්නේ කරත්ත රෝදයක හැඩතලය කි. මෙකි සියළුම නගර වලින් වියෝවන ගම්මාන රාශියක් “රෝදයේ ගරාදි හා පත්කොට ගෙන ඇත. භාහිර සම්පත් විලින ්පෝෂනය වෙමින් ගණේමුල්ල ප්‍රදේශය අද අරඹා ඇති මේ නව සමංවර්ධන ගමන නතරකිරීමට හෝ වෙනතකට හැරවිමට කුමණ බලවේගයකට උවත් දැන්නම් නොහැකි වනු ඇත.

ගනේමුල්ල යනු අද දිවයිනේ කොතනකට ගියද කවුරුත් හෝඳින් දන්නා හඳුනන ප්‍රෙද්ශයික. මේ නාමය ලංකා සිතියමට නොමැකෙන ලෙස ඇතුලත් කළේ සුදු පා1815 දී ඉංග්‍රීසීන් උඩරට යටත්කරගත් පසු කොළඹ - නුවර මාර්ගය තැනීම 1820 දි සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා ක්‍රියාත්මක කර ඇත්තේ, කොළඹින් ඇරඹි කැළණිය, මහර, හෙනරත්ගොඩ, වේයන්ගොඩ වරකාපොල ඔස්සේ මහනුවරට යන ආකාරයට බැව් “ගම්පහ දිසාව”නම් ග්‍රන්ථයේ සඳහන්ව ඇති තොරතුරු වලින් හෙලිවේ. මින් පෙනී යන්නේ අද කොළඹ - මහනුවර දුම්රිය මග විහිදි මාර්ගය දිගේ එදා මහා මාර්ගය විහිදී තිබුන බවයි. එහෙත් අද කොළඹ - නුව මාර්ගය විහිදි ඇත්තේ ඊටද වෙනස් මගකය. අද නුවර පාර ඊට නැගෙනහිර දෙසින් පිහිටා යක්කල නිට්ටඹුව හරහාය. මෙවැනි වෙනස්කම් වලට භාජනය වීමෙන් අනතුරුව, කොළඹ -නුව දුම්රිය පාර ස්ථිර වශයෙන්ම පැරණි නුවර පාරමත පිහිටුවීම ශ්‍රි ලංකා දේහය මත අඳිනලද සංවර්ධනයේ “එන් රේඛාව” වශයෙන් අප හඳුනා ගනිමු. ගලහිටියාව, ගණේමුල්ල වෙන්වන සේ ඒ වන විටත් පැවති ඉපැරණි කරත්තපාර දෙබෑ කරමින් කඳුරටට ඇදීගිය මේ “රන් රේඛාව” පුංචි ගණේමුල්ලේ ඉරණමද සඳහටම නෙස් කළේය.

මේ අයුරින් ගණේමුල්ලට ද අදානය උදාකරමින් තැනුන ආගන්තුක දුම්රිය මාර්ගයට, “හෙන්රිවෝඩ්”ආණ්ඩුකාරයා පළමු පස්පිටැල්ල කපා ඇත්තේ 1858 අගෝස්තු 03 දින දීය. ඒ ශ්‍රී ලංකාවට දුම්රිය පැමිණීමට පෙර සිට ඉංග්‍රීනීන් මහනුවරට අශ්ව කෝච්චි ගමන් කරවීමට 1832 දී තනාගත් මාර්ගය මතම යැයි පොත පතෙහි සදහන් වේ. කඳුකර යේ වැවූ කෝපි, තේ, කරඳමුංගු, කරාබුනැටි, සාදික්කා, ගම්මිරිස් ආදිය කොළඹට ගෙන ඒමට අශ්ව කෝච්චි ප්‍රමාණවත් නොවීම ශ්‍රී ලංකාවට දුම්රිය කැඳවාගැනීමේ මූලිකම අවශ්‍යතාවය විය. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කැළණිය, රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම හරහා ප්‍රථමයෙන් නිමකළ දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය ධාවනය වී අත්තේ 1864 දෙසැම්බර් 27 වැනි දාය. ඒ අඹේපුස්ස දක්වා පමණි. 1867 වන විට කොළඹ සිට මහ නුවරටම දුම්රිය ගමන ආරම්භ වී ඇත.

මේ තොරතුරු සිහට නගමින්, කැළණිය, හෙනරත්ගොඩ, වේයන්ගොඩ ඔස්සේ ප්‍රථමයෙන් කපා ඇති පාරමතම අදටත් නුවර පාර විහිදී ගොස් තිබුනානම්, කිරිබත්ගොඩ, කඩවත, යක්කල ප්‍රෙද්ශවලට උදාවූ දියුණු නාගරික සංවර්ධනයේ අද උරුම කරුවන් වන්නේ රාගම ගණේමුල්ල, ගම්පහ බද අපම නොවේදැයි නිකමට උපකල්පනය කර බලන්න.

කොළඹ - නුවර පාර ගණේමුල්ලට ඇතුලත් වනවාත් සමගම වෙන් වී ගිය ඉපැරණි කරත්ත පාර ගැන මා පැරණිතමයන්ගෙන් උකහාගත් දේ මෙබඳුය. පරංගි ලංදේසි යුගවල සිටම මේ ප්‍රදේශවල නිපද වූ ප්‍රධාන කෘෂිබෝග වූ හැල්, පොල්, බුලත්, කෙසෙල්, කුරුඳු, ගම්මිරිස්, පලතුරු වැනි දේද, අත්කම් භාණ්ඩ වූ හට්ටි, මුට්ටි, වට්ටි, පෙට්ටි වල සිට ඇඳ, පුටු, මේස, අල්මාරි, කනප්පු, ටීපෝ වැනි වඩු භාණ්ඩ ඇතුළු සබ්බ සකලමනාවම කොලොම් පුරයට ප්‍රවාහනය වූයේ කරත්ත මඟිනි. ඊට අමතරව ඒ කාළයේ හිස මතින් හා අශ්වයන් බූරුවන් හරකුන් වැනි සතුන් මතින්ද භාණ්ඩ ප්‍රවාහනය සිදු වී ඇත. අත් කරත්තය, බර බාගය, බාං කරත්තය, බක්කි කරත්තය, රේස් කරත්තය වැනි කරත්ත වර්ග කීපයක්ම එකල භාවිතයේ පැවතී ඇත.

ඉතිහාසයේ කියැවෙන පරිදි මේ වෙළඳාම් කටයුතු වල එකල බහුලව යෙදී ඇත්තේ සංහලයන්ට වඩා මුස්ලිම් ජාතිකයන්ය. පෙර රජ සමයන් තුලසිටම මුස්ලිම් වෙලෙන්දන් සිය සටකපටකම් වලින් රජවරුන්, ප්‍රාෙද්ශීය පාළකයන් මෙන්ම නූගත් ගැමි ජනතාවද සිතුසේ මුලාකරමින් සිය ජාවාරම් කටයුතු ජයටම කරගෙන ගිය බවට ඉතිහාසයේ ඕනාතරම් සාක්ෂි ඇත. අපේ ලියවීමට බඳුන්වන ඉංග්‍රීසි පාලන සමයේදීත් සුපුරුදු පරිදි ඔවුන්ගේ ක්‍රියාව වි අත්තේ ස්වදේශිකයාව ගොනට අන්දවා විදේශිකයාව තෘප්තිමත් කරමින් සිය මල්ල පුරවා ගැනීමය. එකළ, ඉංග්‍රීසි ජාතිකයෙකු “සිංහලයා මෝඩයා- කැවුම් කන්න යෝධයා” යන හාස්‍ය ජනක ඇනුම් පදය නිර්භයව තම පොතක සඳහන් කළේ අපේ දුර්වලකම් මැනවින් හඳුනාගෙන සිටි නිසා නොවේද?සාක්ෂර තාවයෙන් හා නවීන තාක්ෂණයෙන් පරිපුර්ණවි අත අප ලෝකය හා සමගාමී වී සිටියද, අපේ “උපන් ගෙයි ගතිය” තවමත් පහව ගොස් නැති බව පසක් කර ගත හැක්කේ ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලනික හා සමාජීය දේහයට වර්ථමාන මුස්ලිම් ප්‍රජාවගෙන් එල්ලවී ඇති බලපෑම් කිරා මැන බැලීමෙන් පමණි.

එවන් වූ සමාජ පසුබිමකින් යුතුව පෘතුගීසි, ලංදේසි, යුගවල සිටම පැවත ආ ඉපැරණි කරත්ත පාරක් වශයෙන් මාකිලංගමුව තොටුපල අසලින් ඇරැඹී මහර කඩවත දෙසට විහිදී ගිය කරත්ත පාර නිම්කළ හැකිය. එකල කිරිඳිවිට පෙදසට යාහැකි ගොඩබිම් මාර්ගයක් තිබි නැත. ඒ අනුව නිතර ජලයෙන් යටව තිබූ වගුරු ප්‍රදේශය හරහා පැරන්නන් සිය ගමන් බිමන් ප්‍රවාහන කටයුතු සිදුකර ගත්තේ ඔරු - පාරු වලින් යැයි ජනප්‍රවාහයේ කියැවී ඇත. මාකෙවිට, කිරිඳිවිට, තම්මිට, රත්මලවිට හා ඒ අවට ප්‍රෙද්ශ වලින් එකතු වූ සියළු නිෂ්පාදන ද්‍රව්‍ය කරත්ත වලට පැටවුනේ, වර්ථමාන පාලම අසල පිහිටි පැරණි තොටුපලෙන් බව මේ කාරනා අනුව කාටත් තේරුම් ගත හැකිය. එය සනාථ කරමින් දෝ.

ganemulla