"මිණිමුතු ළමා සමාජය"

අපව අමතන්න හදපිරි ආරම්භක දිනය රැස්වීම් ක්‍රියාකාරකම් නිවස
ගණේමුල්ලේ ඉතිහාසය
(බන්දුල මුණසිංහ - සුමේධ මාවත )

අතීතයේ වෙනත් නාමයකින් හැඳින්වූවායැයි හෙලිදරව්වන වර්ථමානයේ ගණේමුල්ල යයි නම්ලද මේ මනරම් භූමි ප්‍රදේශය තුල තෘප්තිමත් මනෝභාවයකින් යුතුව සැහැල්ලු දිවි පෙවතක් ගත කිරීමට තරම් ඔබ අප වාසනාවන්ත වී සිටිමු. අපට ඒ වාසනා ගුණය උදාකර දෙන්නේ ගමෙහි ස්වභාවික පිහිටීම විසින් යැයි මා සඳහන් කළහොත් ඔබද එයට එකඟ වනු ඇත. ගණේමුල්ල පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ඡන්ද කොට්ඨාශය තුලය. මේ දිස්ත්‍රික්කය ජනගහනය අතින් දෙවෙනි වන්නේ කොළඹ දිස්ත්‍රික්කයට පමණය. වැඩිම වර්ෂාපතනය ලැබෙන පහතරට තෙත් කලාපයට මෙම දිසාව අයත් වේ. මෙම ප්‍රදේශයට බලපවත්වන්නේ උෂ්ණ - තෙත් දේශ ගුණයකි. එනිසාම, වසරේ තුන්සිය හැටපස් දවස මුළුල්ලේම සියළු බව බෝග වැවෙන, මල් ඵල හටගන්නා, වසන්තය රජයන පිංබර භූමිභාගයක අපගේ දිවි මග සැකසී ඇත. මේ අනුව ගණේමුල්ල වැසියෝ භාග්‍ය වන්තයන් වී සිටී.


ගලහිටියාව මායිමේ (“ඉරහඳගල”) සිට නැගෙන හිරට මුහුණලා දෙපසට විහිදී යන ගණේමුල්ල ගම, නිමාව දකින්නේ අර්ධ කවාකාරව නිර්මාණය වු සුවිශාල දැකුම්කළු කුඹුරු යායකිනි. පරකන්දෙනිය- කොස්සින්න දෙගම් මැදින් මතුවන කුඹුරුයාය සිය පෙම්වතියට තුරුළු වූ පෙම්වතකු සේ අපේ ගම වටා එති එතී පැමිණ, උතුරු දෙසින් මාකිලංගමුව දෙසට නික්මි යයි. මේ අනුව කොස්සින්න, අමුණුගොඩ, යාගොඩ ගම් අපෙන් වෙන්කරමින් පැතිර ගිය වෙල්යාය මධ්‍යයෙන් දිවෙන පොදු ඇල මාර්ගය (කලුවල ඇල) ගණේමුල්ල ගමේ සීමා මායිම ලෙස සඳහන් කළ හැකිය.


මෙම සුන්දර වෙල්යාය සිපගනිමින් නිරන්තරයේ හමා එවන මන්ද මාරුතය, අප ගම්වැසියාට ලබාදෙන සිසිල පහස අස්වැසිල්ල කොයිතරම් ද? අමිල වටිනා කමකින් යුතු එහෙත් නොමිලයේ ලැබෙන පිරිසිදු වාතාශ්‍රයෙන් දිවිය පුරාම නිරෝගී සම්පන්නව විසීමට ලැබුනු මේ තරම් සුළුවෙන් තකන්න එපා ! යයි මා ඔබෙන් ඉල්ලමි. ඉතා අසීරු ඉඩෝර කාලයකදි වුවද නොසිඳෙන, සියළු අවශ්‍යතාවයන්ම සපුරා දිය හැකි ජල පෝෂක වලින් අනූන,ඉතා ප්‍රනීත පානීය ජල නිධියක් ගණේමුල්ල ප්‍රදේශය සතුව ඇත. ශ්‍රී ලංකාවේ ඇතැම් වියලි කර්කෂ භූමි ප්‍රදේශ හා සසඳනකල අපට උරුම වී ඇති මේ භූමිලාභය මේ ප්‍රදේශයට රන් ආකාරයක් පහල වුවට වඩා උතුම්කොට සැළකිය නොහැකි ද?


මේ ආකාරයෙන් ගණේමුල්ල ස්වභාව ධර්මයෙන් වර්ණවත් වෙත්දී, කාලානුබද්ධව පෝෂණය වූ සංවර්ධනය විසින් එය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර ගොන්නට කැඳවාගෙන ගොස් ඇත්තේ කාටත් හොරය. අපේ අගනගරය වූ කොලොන් පුරයට සමිපව ගණේමුල්ල පිහිටීම හා ඒ හා බැඳුනු ඝෘජු සම්බන්ධතාවයන්ගේ ප්‍රබලකම නිසාම ඉතා ඉහල ප්‍රසිද්ධියක් සම්බන්ධ තාවයන්ගේ ප්‍රබලකම නිසාම ඉතා ඉහල ප්‍රසිද්ධියක් හා ජනප්‍රසාදයක් මේ කුඩා භූමි ප්‍රදේශයට අදවන විට හිමිව තිබේ. බැලූ බැල්මට වර්ග කිලෝමීටරයක පමණ වපසරියකින් හෙබි මේ කුඩා ප්‍රදේශය මේ තරම් ආකාර්ෂණීය දියුණුවක් ලැබීමට බලපෑ වාස්තුවික හේතු කවරේදැයි විමසා බැලිම වටී.


ගණේමුල්ල ශ්‍රී ලංකාවේ ඒ ශ්‍රේණියේ මාර්ග දෙකකින්ම මැදවී ඇත. කොළඹ - නුවර හා කොළම- පුත්තලම ඒ මාර්ග දෙක වේ. ඒ ප්‍රධාන මාර්ග ආශ්‍රිතව නිර්මිත වූ ඉතාම දියුණු නගර ජාලයක් විසින් ගණේමුල්ල වටකොඩ ඇත. ගණේමුල්ලේ සිට කඩවතටත්, රාගමටත්, කඳානටත්, ජා-ඇලටත්, ගම්පහටත්,නුවරපාරේ බැළුම්මහරටත්, ඉඹුල්ගොඩටත්, කිරිල්ලවලටත් රිජුව යා හැකි මේ මාර්ග සම්බන්ධතාවය පිළිබඳව මා සිතට මැවෙන්නේ කරත්ත රෝදයක හැඩතලය කි. මෙකි සියළුම නගර වලින් වියෝවන ගම්මාන රාශියක් “රෝදයේ ගරාදි හා පත්කොට ගෙන ඇත. භාහිර සම්පත් විලින ්පෝෂනය වෙමින් ගණේමුල්ල ප්‍රදේශය අද අරඹා ඇති මේ නව සමංවර්ධන ගමන නතරකිරීමට හෝ වෙනතකට හැරවිමට කුමණ බලවේගයකට උවත් දැන්නම් නොහැකි වනු ඇත.


ගනේමුල්ල යනු අද දිවයිනේ කොතනකට ගියද කවුරුත් හෝඳින් දන්නා හඳුනන ප්‍රෙද්ශයික. මේ නාමය ලංකා සිතියමට නොමැකෙන ලෙස ඇතුලත් කළේ සුදු පා1815 දී ඉංග්‍රීසීන් උඩරට යටත්කරගත් පසු කොළඹ - නුවර මාර්ගය තැනීම 1820 දි සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා ක්‍රියාත්මක කර ඇත්තේ, කොළඹින් ඇරඹි කැළණිය, මහර, හෙනරත්ගොඩ, වේයන්ගොඩ වරකාපොල ඔස්සේ මහනුවරට යන ආකාරයට බැව් “ගම්පහ දිසාව”නම් ග්‍රන්ථයේ සඳහන්ව ඇති තොරතුරු වලින් හෙලිවේ. මින් පෙනී යන්නේ අද කොළඹ - මහනුවර දුම්රිය මග විහිදි මාර්ගය දිගේ එදා මහා මාර්ගය විහිදී තිබුන බවයි. එහෙත් අද කොළඹ - නුව මාර්ගය විහිදි ඇත්තේ ඊටද වෙනස් මගකය. අද නුවර පාර ඊට නැගෙනහිර දෙසින් පිහිටා යක්කල නිට්ටඹුව හරහාය. මෙවැනි වෙනස්කම් වලට භාජනය වීමෙන් අනතුරුව, කොළඹ -නුව දුම්රිය පාර ස්ථිර වශයෙන්ම පැරණි නුවර පාරමත පිහිටුවීම ශ්‍රි ලංකා දේහය මත අඳිනලද සංවර්ධනයේ “එන් රේඛාව” වශයෙන් අප හඳුනා ගනිමු. ගලහිටියාව, ගණේමුල්ල වෙන්වන සේ ඒ වන විටත් පැවති ඉපැරණි කරත්තපාර දෙබෑ කරමින් කඳුරටට ඇදීගිය මේ “රන් රේඛාව” පුංචි ගණේමුල්ලේ ඉරණමද සඳහටම නෙස් කළේය.


මේ අයුරින් ගණේමුල්ලට ද උදානය උදාකරමින් තැනුන ආගන්තුක දුම්රිය මාර්ගයට, “හෙන්රිවෝඩ්”ආණ්ඩුකාරයා පළමු පස්පිටැල්ල කපා ඇත්තේ 1858 අගෝස්තු 03 දින දීය. ඒ ශ්‍රී ලංකාවට දුම්රිය පැමිණීමට පෙර සිට ඉංග්‍රීනීන් මහනුවරට අශ්ව කෝච්චි ගමන් කරවීමට 1832 දී තනාගත් මාර්ගය මතම යැයි පොත පතෙහි සදහන් වේ. කඳුකර යේ වැවූ කෝපි, තේ, කරඳමුංගු, කරාබුනැටි, සාදික්කා, ගම්මිරිස් ආදිය කොළඹට ගෙන ඒමට අශ්ව කෝච්චි ප්‍රමාණවත් නොවීම ශ්‍රී ලංකාවට දුම්රිය කැඳවාගැනීමේ මූලිකම අවශ්‍යතාවය විය. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කැළණිය, රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම හරහා ප්‍රථමයෙන් නිමකළ දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය ධාවනය වී අත්තේ 1864 දෙසැම්බර් 27 වැනි දාය. ඒ අඹේපුස්ස දක්වා පමණි. 1867 වන විට කොළඹ සිට මහ නුවරටම දුම්රිය ගමන ආරම්භ වී ඇත.


මේ තොරතුරු සිහට නගමින්, කැළණිය, හෙනරත්ගොඩ, වේයන්ගොඩ ඔස්සේ ප්‍රථමයෙන් කපා ඇති පාරමතම අදටත් නුවර පාර විහිදී ගොස් තිබුනානම්, කිරිබත්ගොඩ, කඩවත, යක්කල ප්‍රෙද්ශවලට උදාවූ දියුණු නාගරික සංවර්ධනයේ අද උරුම කරුවන් වන්නේ රාගම ගණේමුල්ල, ගම්පහ බද අපම නොවේදැයි නිකමට උපකල්පනය කර බලන්න.


කොළඹ - නුවර පාර ගණේමුල්ලට ඇතුලත් වනවාත් සමගම වෙන් වී ගිය ඉපැරණි කරත්ත පාර ගැන මා පැරණිතමයන්ගෙන් උකහාගත් දේ මෙබඳුය. පරංගි ලංදේසි යුගවල සිටම මේ ප්‍රදේශවල නිපද වූ ප්‍රධාන කෘෂිබෝග වූ හැල්, පොල්, බුලත්, කෙසෙල්, කුරුඳු, ගම්මිරිස්, පලතුරු වැනි දේද, අත්කම් භාණ්ඩ වූ හට්ටි, මුට්ටි, වට්ටි, පෙට්ටි වල සිට ඇඳ, පුටු, මේස, අල්මාරි, කනප්පු, ටීපෝ වැනි වඩු භාණ්ඩ ඇතුළු සබ්බ සකලමනාවම කොලොම් පුරයට ප්‍රවාහනය වූයේ කරත්ත මඟිනි. ඊට අමතරව ඒ කාළයේ හිස මතින් හා අශ්වයන් බූරුවන් හරකුන් වැනි සතුන් මතින්ද භාණ්ඩ ප්‍රවාහනය සිදු වී ඇත. අත් කරත්තය, බර බාගය, බාං කරත්තය, බක්කි කරත්තය, රේස් කරත්තය වැනි කරත්ත වර්ග කීපයක්ම එකල භාවිතයේ පැවතී ඇත.


ඉතිහාසයේ කියැවෙන පරිදි මේ වෙළඳාම් කටයුතු වල එකල බහුලව යෙදී ඇත්තේ සිංහලයන්ට වඩා මුස්ලිම් ජාතිකයන්ය. පෙර රජ සමයන් තුලසිටම මුස්ලිම් වෙලෙන්දන් සිය සටකපටකම් වලින් රජවරුන්, ප්‍රාෙද්ශීය පාළකයන් මෙන්ම නූගත් ගැමි ජනතාවද සිතුසේ මුලාකරමින් සිය ජාවාරම් කටයුතු ජයටම කරගෙන ගිය බවට ඉතිහාසයේ ඕනාතරම් සාක්ෂි ඇත. අපේ ලියවීමට බඳුන්වන ඉංග්‍රීසි පාලන සමයේදීත් සුපුරුදු පරිදි ඔවුන්ගේ ක්‍රියාව වි අත්තේ ස්වදේශිකයාව ගොනට අන්දවා විදේශිකයාව තෘප්තිමත් කරමින් සිය මල්ල පුරවා ගැනීමය. එකළ, ඉංග්‍රීසි ජාතිකයෙකු “සිංහලයා මෝඩයා- කැවුම් කන්න යෝධයා” යන හාස්‍ය ජනක ඇනුම් පදය නිර්භයව තම පොතක සඳහන් කළේ අපේ දුර්වලකම් මැනවින් හඳුනාගෙන සිටි නිසා නොවේද?සාක්ෂර තාවයෙන් හා නවීන තාක්ෂණයෙන් පරිපුර්ණවි අත අප ලෝකය හා සමගාමී වී සිටියද, අපේ “උපන් ගෙයි ගතිය” තවමත් පහව ගොස් නැති බව පසක් කර ගත හැක්කේ ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලනික හා සමාජීය දේහයට වර්ථමාන මුස්ලිම් ප්‍රජාවගෙන් එල්ලවී ඇති බලපෑම් කිරා මැන බැලීමෙන් පමණි.


එවන් වූ සමාජ පසුබිමකින් යුතුව පෘතුගීසි, ලංදේසි, යුගවල සිටම පැවත ආ ඉපැරණි කරත්ත පාරක් වශයෙන් මාකිලංගමුව තොටුපල අසලින් ඇරැඹී මහර කඩවත දෙසට විහිදී ගිය කරත්ත පාර නිම්කළ හැකිය. එකල කිරිඳිවිට පෙදසට යාහැකි ගොඩබිම් මාර්ගයක් තිබි නැත. ඒ අනුව නිතර ජලයෙන් යටව තිබූ වගුරු ප්‍රදේශය හරහා පැරන්නන් සිය ගමන් බිමන් ප්‍රවාහන කටයුතු සිදුකර ගත්තේ ඔරු - පාරු වලින් යැයි ජනප්‍රවාහයේ කියැවී ඇත. මාකෙවිට, කිරිඳිවිට, තම්මිට, රත්මලවිට හා ඒ අවට ප්‍රෙද්ශ වලින් එකතු වූ සියළු නිෂ්පාදන ද්‍රව්‍ය කරත්ත වලට පැටවුනේ, වර්ථමාන පාලම අසල පිහිටි පැරණි තොටුපලෙන් බව මේ කාරනා අනුව කාටත් තේරුම් ගත හැකිය. එය සනාථ කරමින් දෝ පැරණි ගබඩාවක් බදු ගොඩනැගිල්ලක් මෑතක් වනතුරුම පාලම අසල දිරාපත් වෙමින් තිබුන බව ඔබටද මතකයට නගාගත හැකිය.( අදටත් අප හදුන්වන “ගම්පහ ඔරුතොට”ද මේ ඇල මාර්ගයේ පැවති තවත් එක් පැරණි ඔරු පාරු නැවතුම් පලකි.) මෙලෙස හෙලිදරව් වෙන විශාල ප්‍රදේශයක එකල විසුවන් සිය දුර බැහැර අවශ්‍යතාවයන් සදහා ගමන් බිමන් ගියේ,ආවේ මේ කරත්ත පාර මතිනි. එසේ පයින් යන මගියන්ට ගිමන් නිවා ගැනීමට තැනූ “අම්බලන් ” කීපයක්ම මේ මාර්ගය ආශ්‍රිතව 1960-1970 පසුවන තුරුම නටඹුන් වෙමින් පැවතුනි.මාකිලංගමුව,ගණේමුල් ( වර්ථමාන බස්නැවතුම අසල ) වැලි පිල්ලෑව,ඉහල කරගහමූණ ඒවා ඉදිකර තිබු ස්ථාන වශයෙන් නම් කල හැකිය. අම්බලන් වලට අමතරව මගියන්ට පිපාසය සංසිදුවා ගැනීමට” පිංතාලි” ද පැරන්නන් විසින් තැනින් තැන පිහිටුවා තිබුනි. ” පිංතාලි” යනු මැටි කළයකට වතුර පුරවා පිරිසිදු පොල් කටුවකින් වසා ස්ථිර මැස්සක් මත තබා තිබීමය.”උළු කඩේ” හා “පොල්හේන” ප්රදේශවල මේවා ස්ථානගත කොට තිබෙනු කුඩාකල මාද දැක ඇත්තෙමි.


පයින්ගමන් කළ මගීන්ට අමතරව මේ පාර වැඩිපුරම භාවිතාවී ඇත්තේ කරත්ත යෑමටය.ඒ කොලොම් තොටට භාණ්ඩ රුගෙන යාමට සහ ඒමටය.ගමේ සිටි,ගේ දොර,වතුපිටි,හරකාබාන,හිමි පොහොසත් උදවියගේ උසස්ම වාහනය ලෙස එකල භාවිතාවී ඇත්තේ බක්කි කරත්තය යැයි කියැවේ ඊට අමතරව ගමේ බල පුළුවන් කාරයන් රේස් කරත්තයද සිය ගමනට බිමනට යොදාගෙන ඇත. දුර බැහැර ගමන් බිමන් යෑම,මනාලියන් කැන්දාගෙන ඒම වැනි වැදගත් අවස්ථාවලට බක්කි කරත්තය නැතිවම බැරිවිය.මේ කියමන සනාථ වන පුද්ගලික තොරතුරක් මා සතුව ඇත.එය මෙසේය මගේ පියතුමන් මගේ මවව කරගහමුණ අලිය වංගුව ප්‍රදේශයෙන් මේ ගමට කැන්දාගෙන විත් ඇත්තේ මෙම කරත්ත පාර දිගේය.1926 දී සිදුවු එම මංගල ගමනට බක්කි කරත්ත 14කින් පැමිණි පිරිසක් සහභාගී වුයේ යැයි අපේ පවුලේ ඉතිහාසයේ කියැවෙයි.


මාකිලංගමුව කිරිදිබිමට සම්බන්ද කරමින් තැනුන ප්‍රථම ලී පාලම ඉංග්‍රීසි පාලන සමයේ ඉදිවුවකැයිද ඒ 1930ත් පසුව යැයිද පවසන පැරැන්නෝ මට හමුවී ඇත.එම පාලනය ගම්පහ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය නැංවීමට වාරිමාර්ග පද්ධති සකස්කිරීමේදී මාකිලංගමුව- කිරිදිවිට පාර සම්බන්ධකර මෙම පාළම ඉදිකල බවත් එමගින් එතෙක් පැවති වගුරු ප්‍රදේශය සහ වී ඉතාමත් සංවර්ධිත සශ්‍රීක කුඹුරු යායක් නිර්මානය වු බවත් එම පැරැන්නන් ගෙන් එලිදරව්වන මතයයි. මේ අතර මාකිලංගමුව කඩවත පාරට 1940දී පමණ ගල් අතුරා තාර දැමූ බවත් 1950ට ආසන්න කාළයේදී බස් ගමනාගමනය පළමු‍වෙන් ආරම්භ වූ බවත්අප අතර තවම සිටින වැඩිහිටියන් පවසයි.ඒ එන්.ජේ. සමගමේ බස්ය.වටිනා ඉතිහාසයක් මතුකර ගැනීමට ඉවහල් වූ මාකිලංගමුව කරත්ත පාර ගැන මා උකහාගෙන ඇති අතීත තොරතුරු සැකෙවින් එබදුය.


19 වෙනි සියවස ආරමිභවීමත් සමගම අපේ රට බ්‍රිතාන්‍යක්‍රීටයට යටත් රාජ්‍යයක් බවට පත්වීම ,එතෙක් මෙරට පැවති සමාජ,ආර්ථික,දේශපාලනික හා සංස්කෘතික උරුමයන් සියල්ල කණපිට පෙරලීමට මුලුවූ හැරවුම් ලක්ෂය විය.රජවරුන්ගේ හා රදළයන්ගේ සාම්ප්‍රධායික රාජාණ්ඩු පාලනය වෙනුවට බ්‍රිතාන්‍යයෙන් එවූ ආණ්ඩුකාර වරයෙකු යටතේ පත්කළ නිලධාරී සමුහයකගේ අමුතුම මාදිලියේ නීති රීති වලින් බැදුනු බදු මත පදනම් වූ දරදඩූ පාලනයකට ඉබේටම අවනත වන්නට සිදුවීම , රට වැසියා කබලෙන් ලිපට වැටුනා හා සමානය.කෙසේ වුවද එකළ ලෝකයේ දියුණුව හා බලවත්ම රාජ්‍යය ලෙස මහා බ්‍රිතාන්‍යයට හිමිව තිබුනේ ප්‍රබල ස්ථානයකි. ඔවුන්ගේ දියුණු අර්ථ ක්‍රම , පාලන ක්‍රම,අධ්‍යාපන ක්‍රම,නීති ක්‍රම මෙන්ම සංස්කෘතික ලක්ෂණ, ගතානුගතික ජීවන රටාවකට හුරුවී සිටි ලාංකිකයන්ට නම් මහත් ආගන්තුක අභියෝගයක්ම විය. “සෑම කළු වළාවකම රිදී රෙඛාවක් ඇත”යන ප්‍රකට යෙද්‍රම මෙතනදී මගේ සිහියට නැගෙන්නේ නිරායාශයෙනි.බ්‍රිතාන්‍ය ආක්‍රමනියන් ගේ පරම අභිලාෂය වුයේ රට තුල ඇති සියළු සම්පත් සුරාගෙන ගොස් තම හිරු නොබසින අධිරාජ්‍යය තරකර ගැනීම වුවත් ඔවුන්ගේ ආගමනය එක්තරා අතකින් නොදියුණු ලාංකීය සමාජයට සැපැත්වූ වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙස මෙහිලා සදහන් කිරීම යුක්තිසහගත යැයි හැගේ.එදවස එවැනි තත්වයක් උදානොවුනා නම් සමහරව්ට අපේරට අදටත් දියුණු ලෝකයේ තනිවුන නොදියුණු රාජාණ්ඩුවකින් පාලනය වන දුපතකට සීමා වී තිබෙන්නත් ඉඩ තිබුණි.


වසර දහස් ගනනක සිට පැවත ආ රාජාණ්ඩු ක්‍රමය බිදදමා මෙරට පාලනය අතටගත් බ්‍රිතාන්‍යයෝ අපෙන් කොල්ලකාගෙනගිය සම්පත් ප්‍රමාණය මෙතෙකැයි මිල කල නොහැකිය.මැනිය නොහැකිය. ඝණනය කල නොහැකිය.රන් රිදී මුතු මැනික් ඇත් දළ ධන ධාන්‍ය පමනක් නොව මහ පොලොවේ සාරයද රට වැසියාගේ ශ්‍රම ශක්තිය හා බුද්ධිමය දේපලද ඔවුන් තම රටට රැගෙන ගියේය.එකල අපේ මව් බිමේ විසූ ලක්ෂ සංඛ්‍යාත මුතුන් මිත්තන් ගේ ජීවිත ඒ වෙනුවෙන් ඔවුන් බිලි ගත්තේ අනුකම්පා විරහිතවය.ඔවුන්ගේ කෘරත්වය කෙතරම්ද යත් ඔවුන් සිය සම්පත් මංකොල්ලය පටන් ගත්තේම සිංහලයේ අවසාන රජුවත් ඔටුන්නත් සිංහාසනයත් ඔහු පරිහරණය කළ අනිතුත් සියළු දේත් සමග එතෙක් රටේ අනන්‍යතාවය සංකේතවත් කළ වටිනා කෞතුක වස්තුන් රාශියක්ද නැව් ගත කිරීම හරහාය.එපමණක්ද ? 1818 කැරැල්ල මෙහෙයවමින් පරසතුරන්ගෙන් රට ජාතිය බේරා ගැනීමේ පළමු සටනට පනදුන් කැප්පෙටිපොල විරුවාගේ හිස් කබල පවා ඔවුන්ට මහා අනර්ඝ වස්තුවක් විය.ඔවුන් එයද සිය රටට රැගෙන ගීයේය.මෙලෙස 1815 සිට 1948 දක්වා වසර133ක කාළයක් සුදු පාලකයන් අපේ මව් බිමෙන් මොන තරම් දේ පැහැරගෙන යන්න ඇත්දැයි තවදුරටත් විග්‍රහ කර ගැනීම ඔබටම පැවරේ.


වසර 133ක් යනු ලංකාවේ රාජාවලිය හා සසදන කළ ඉතාම කෙටි කාළයකි.මේ කෙටි කාළය තුල අපෙන් ගතහැකි සියළුම දේ ගැනීමට සුදු පාලකයන් නිර්මාණයකල මෙවලම් බොහොමයක් ඔවුන් අතහැර දමා ගියේ සිතකින් නම් නොවන්නට ඇත.ඒවා හකුලාගෙන නැව් වල පටවා ගැනීමට හැකියාවක් ලැබුනි නම් එයටද ඔවුන් පසුබට නොවනු ඇත.ඒවා මොනවාදැයි කෙටියෙන් හෝ විමසා බැලීම සුදුසුය.


මහා මාර්ග


බ්‍රිතාන්‍යයන් මෙහි පැමිණෙන විට අපේ පැරැන්නන් ලග හෝ දුර බැහැර ගමන් බිමන් කරගත්තේ පයින්මය.ඒද ඇලවේලි, බඩ වැටි,ගල් මුල්,කටු පදුරු, වනාන්තර අතරින් වැටී තිබුනු දුෂ්කර මංමාවත් ඔස්සේය.ජීවිතයේ එක් වරක් හෝ ශ්‍රී පාදය ,නාගදීපය,අනුරාධපුරය,පොලොන්නරුව ආදී පූජනීය සථාන වලට දීර්ඝ වන්දනා ගමනක් යාමට මත්තෙන් අපේ මුතුන් මිත්තන් සිය දරු මුණුපුරන්ට සියළු දේපල බෙදා වෙන්කර දී පිටත්ව ගිය බව ජන වහරේ ප්‍රකාශිතය.මෙලෙස රජවරුන් යටතේ සාම්ප්‍රධායික ජීවන රටාවක ඇලී ගැලී වාල් වී ජීවත් වු ලාංකිකයනට එයට පරිභාහිර වූ නව මානයන් හදුනා ගැනීමේ ප්‍රඥාව පහල වූයේ බ්‍රිතාන්‍යයන් ඇරඹු දියුණු සූරා කෑමේ සැළසුම් එකින් එක ක්‍රියාත්මක වන්ට පටන්ගත් විටය.ඔවුන් වසර133 ක පාලනය නිමා කර මෙරටින් යනවිට මුළු දිවයිනම ආවරණය වූ මහා මාර්ග පද්ධතියක් රටේ නිර්මාණය කර තිබුනි.වසර දහස් ගනනක් තිස්සේ පැවතියාවූ රාජාණ්ඩු පාලනයන්ගෙන් නොවිසදුනු මෙම ගැටළුවට ස්ථිරසාර පිළියම්‍ ලැබුනේ සුදු පාලකයන්ගේ විශ්මය දනවන මාර්ග සංවර්ධන හැකියාවේ මහිමය නිසාවෙනි.


නිවාස


ඉංග්‍රීසි පාලකයන් මෙහි එනවිට රටවැසියාගෙන් බහුතරය ජීවත් වූයේ කටු මැටියෙන් හෝ වරිච්චි බිත්ති වලින් තැනූ වහලයට පොල් අතු ,තල් අතු,මානා,ඉලුක්,පිදුරු වැනි දෑ සෙවිලි කල බිමට ගොම මැටි අතුල ඉතා නොදියුනු සාමිප්‍රධායික නිවෙස් වලය.මේ අතර රාජකීය හා රදළ පවුල්ද යම් තරමකට වත් පොහොසත් කම් තිබු පවුල් අතලොස්සක්ද සුදු පිරියම් කර උළු සෙවිලිකල මාලිගා හා වලව් වල ජීවත් වූ බවද සැබෑය.එයට දෙස්දෙන සාක්ෂි මහනුවර ප්‍රදේශයේ තාමත් ඉතිරිව පවතී.පාලනය අතට ගත් පසු බ්‍රිතාන්‍යයන් ඔවුනට අවශ්‍ය සියළු රාජ්‍ය ගොඩනැගිලි බංගලා ආදිය තනා ගත්තේ බ්‍රිතාන්‍ය සැළසුම් වලට අනුවය.ඒවා බොහොමයක් අදටත් ශක්තිමත්ය.යුරෝපීය සැළසුම් අනුව නිවාස ඉදිකිරීම් ශේෂ්ත්‍ර පුළුල් වීම නිසා අද වන විට ලංකාවේ තිබූ සාම්ප්‍රධායික නිවාස සැළසුම් ක්‍රම මහපොලොවෙන් අතු ගෑවී ගොස් ඇතැයි පැවසිය හැකිය.


අධ්‍යාපනය


රජ සමයේ සිට පැවත ආ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයක් අපට උරුමය.ඒත් එහි වැඩි වශයෙන් අධ්‍යාපනය හැදෑරුවේ භික්ෂුන් වහන්සේලාය. ඊට අමතරව ප්‍රභූ පවුල් වල දරුවන්ද පංසලට ගොස් වැලි පිල්ලේ අකුරු කළේය. බුද්ධ ගජ්ජය ,නාමා ශඨ ශතකය, ප්‍රත්‍ය ශතකය,සකස්කඩ, වැනි පැරණි පුස්කොළ පොත් කට පාඩම් කළේය.(සකස් කඩ- නොකිව්කට-උගේකට-හුඹස්කට ) යනුවෙන් අපේ පැරැන්නන් කවි පද දෙකක් ඇතැම් අවස්ථාවලදී මුමුනන්නේ මේ කියන පොත ගැනය.නමුත් සාමාන්‍ය රටවැසියාට නම් සිය දරුවන්ව අධ්‍යාපනයට යොමු කිරීමේ ඉතා සුළු උවමනාවක් වත් එකල නොවීය.ඊට වඩා කැත්ත,උදැල්ල,නගුල ට හුරු කිරීමේ උවමනාව නම් ඔවුන් තුල තිබෙන්න ඇත.මෙවන් පටු ආකල්ප වලින් හෙබි සමයක ඉංග්‍රීසින් පාලන බලය ගෙන වසර තුනක් ඉක්මයන්නටත් මත්තෙන් 1818දීම ප්‍රථම පෞද්ගලික පාසැල ආරම්භ කිරීම ලාංකීය අධ්‍යාපන ක්‍ෂේත්‍රයට බ්‍රිතාන්‍යයන් තැබූ මුල්ගල වශයෙන් සඳහන් කළ හැකිය. ක්‍රිස්තියානි පල්ලි පිහිටුවමින් ඒ ආශ්‍රිතව ඇරඹි මිෂනාරී පාසල් ව්‍යාපෘතිය එකල ලංකාවේ පැවති ප්‍රධාන නගර සියල්ලක්ම පාහේ ඉතා ඉක්මනින් වැළඳගත්තේය. මේ වසර 133 තුලදී එසේ ඇරඹුණු ප්‍රධාන පෞද්ගලික පාසැල් කීපයක වගතුග මෙසේය.




මෙලෙස පුළුල් වු ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රියාවලියේ අග්‍ර ඵලය වුයේ ( සුද්දන් මෙරටින් ඉවත්වන්නටත් කලියෙන්) 1945 ඔක්තෝම්බර් පලවෙනිදා සිට ලාංකීය අධ්‍යාපන ශේෂ්ත්‍රයට නව පරිජ්ජේදයක් උදාකරමින් “නිදහස් අධ්‍යාපනය” අප රට තුල ස්ථාපිත වීමය. මේ කාල පරාසය තුලදීම සිදුවු




බිහිවීම එකල ලක්වැසියන්ට උරුම වූ වැදගත් බොදු උරුමයන් දෙකක් ලෙස මතකයේ රඳවා ගැනීම වටී. ඉහත සඳහන් කළ “නිදහස් අධ්‍යාපන අයිතිය” එදා ලාංකිකයන්ට උරුමකර දීමට ප්‍රමුඛත්වය ගත්තේ ශිෂ්‍ය අවධියේ සිට සුදු පාලකයන්ගේ නිබඳ ගෞරව සම්මාන වලින් පිදුම් ලබමින් අධ්‍යාපනය හදාරා කීර්තිමත් නාමයක් දිනාගත් පසුව ඔවුන්ගේ පාළනයේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස බොහෝ කාළයක් කටයුතු කළ ගරු සී. ඩබ්. ඩබ්. කන්නංගර ශ්‍රී මහතානන්ය.


එලෙස විස්තරවූ මහා මාර්ග - නිවාස හා අධ්‍යාපන ක්ෂේත්‍ර තුල මෙන්ම, මෙහි විස්තර නොවන සෞඛ්‍ය, කර්මාන්ත, කෘෂි කර්මාන්ත නීති හා අධිකරණ , ව්‍යාපාරික, දේශ පාලන යනාදී අනෙකුත් සෑම අංශයක් කෙරෙහිම බ්‍රිතාන්‍යයන් තුලින් විද්‍යමාන වූයේ කිසිම ලාංකිකයෙකුට ඇදහිය නෙහැකි මට්ටමේ බුද්ධි ප්‍රභවයකි. ඔවුන් සතු වු මේ මහා දැනුම් සම්භාරය අපේ නොදියුණු ලාංකීය සමාජ දේශය මත මුදා හැරීම (සූරා කෑම උදෙසා ) මට නම් අර්ථ ගැන්විය හැක්කේ ඔවුන් අපට බලහත්කාරයෙන් පැටවු මහා විප්ලවයක් ලෙසය. බ්‍රිතාන්‍යයන් 1815දී උඩරට රාජධානිය යටත් කරගැනීමට පෙර රට තුල තිබූ රාජාණ්ඩු පාලන ස්වභාවය මොහොතක් මෙනෙහි කිරීමෙන් එහි අරුමය හොඳින් වටහා ගත හැකිය.


රජවරුන්, රදලයන්, සෙන්පතියන්ගේ පමණක් නොව රාජපුරුෂයන්ගේ උදහස් වීමේ ප්‍රමාණයට අනුව හිස් ගැසුම්, උල තැබුම්, අඹු දරුවන් මරා දැමීම්, අවයව කපා දැමීම්, දඩු කදේ ගැසීම්, සිරගත කිරීම් ආදී කී නොකී දෙතිස් වධයට ලක්ව පීඩා විදි ජන කොට්ඨාශයක් රාජාණ්ඩු පාලනයේ සිටි බවට අපට ඉතිහාසයේ ඕනෑ තරම් සාක්ෂි ඇත. වරකා බෑයකටත් මරණ දඩුවම් නියමකල රජවරුන් මෙන්ම, මුහුණ පුරා වැවුන ඝන රැවුල කපා ගැනීමට රාජ සභාව ඉදිරියේ දෝත් මුදුනේ තබා බිම වැතිරී “පස්වාන් දහසකට බුදු වන්ඩ දේවයන් වහන්ස බත් මුඛය පාදාගන්ඩ අවසර” දැයි වැඳ වැටී අයැදීමට තරම් නිවට වු ලාංකිකයන්ද ජීවත් වුයේ මේ රාජාණ්ඩු පාලනයන් තුලය.


ලංකාවේ රාජාණ්ඩු පාලන තුල කෘර ලෙස භාවිතා කල දෙතිස් වධ මෙසේය.



බ්‍රිතාන්‍යයන්ගේ ශූර පාලනයේ කැපී පෙනෙන විශේෂත්වය වුයේ පැන නගින සියළු ගැටළු හා නව අවශ්‍යතාවයන් නිරාකරණය කර ගැනීම සදහා “ කොමිෂන් සභා ” වල පිහිට පැතීමය. මේ අනුව 1833 කෝල් බෘෘක් - කැමරන් කොමිසම මගින් ප්‍රථම වරට ව්‍යවස්ථාධායක- විධායක මංත්‍රන සභා දෙකක් පිහිටුවීම මගින් බ්‍රිතාන්‍ය ක්‍රමයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ලාංකීය ජනතාවට හදුන්වා දුන්නේය. එය අප රට තුල සිදුවු පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ උපත වශයෙන් සැලකේ.මේ ආකාරයෙන් බ්‍රිතාන්‍යයන් සිය පාලනය සවිමත් කර ගැනීම උදෙසා එම වසර 133ක කාළය තුල කොමිෂන් සභා ගනනාවක් මගින් විවිධ වු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලදී.එයිනුත් 1931 ඩොනමෝර් කොමිෂමත්, 1947 සෝල්බරි කොමිෂමත් යෝජනා කළ ප්‍රතිසංස්කරණ, අප රටට නිදහස් සෛවරී පාළනයක් කරා කඩිනමින් ලගා වීමට බෙහෙවින් බලපෑවේය. බ්‍රිතාන්‍ය පාලනය විසින් 1910දී ප්‍රථම වරට ලංකාවට ජන්ද බලය හිමිකර දීම වරප්‍රසාදලත් 4 %ක පමණ ජන කොටසකට පමණක් සීමා වූ අතර 1920දී වයස 21කට වැඩි පිරිමින්ටද එම අයිතිය ලැබීම දක්වා පුළුල් විය. 1931දී 21ට වැඩි පිරිමින්ටද එම අයිතිය ලැබීම දක්වා පුළුල් විය.1931දී 21ට වැඩි සුත්‍රී, පුරුෂ දෙපාර්ශවයටම සර්වජන ජන්ද බලය හිමිවීම අපේ පාලන ඉතිහාසයේ කඩයිමක් ලෙස මතකයේ රදවා ගැනීම ඉතා වැදගත්ය. මේ අනුව සර්වජන ජන්ද බලය (ජනතා පරමාධිපත්‍ය) උරුම තරගත් ආසියාවේ පළමු රට වශයෙන්ද ශ්‍රී ලංකාව ඉතිහාසයට එක්වී ඇත.


හිරු නොබසින අධිරාජ්‍යය නොහොත් මහා බ්‍රිතාන්‍යෙයේ යටත් විජිතයක්ව සිටිමින් අප රට වැසියන් වසර 133ක් තිස්සේ ප්‍රගුණ කල අධ්‍යාපනය එමගින් වඩවාගත් බුද්ධි ප්‍රභවය හා ලෝකය පීළිබද ලැබූ නැවුම් අවබෝධය ගැන තව තවත් විස්තර කිරීම අනවශ්‍යයැයි හැගේ.එම පාලනයට සමකාලීනව ලෝකය පුරා පැතිර යමින් තිබූ කාර්මික විප්ලවයේ ප්‍රබලත්වයද ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්නර භාෂාවක් විමද ලාංකිකයන්ගේ බුද්ධි විප්ලවයට උත්තේජනය සැපයූ ප්‍රභල කාරණා වශයෙන් මෙහිලා සදහන් කළ හැකිය. මේ අයුරින් සෑම අංශයකින්ම ඔවුන් හා සමපාතවු ලාංකිකයන්ව තවදුරටත් පාළනය කිරීමට බ්‍රිතාන්‍යයට නොහැකිවීම ලංකා ඉතිහාසයේ නොමැකෙන ලෙස සංඛේතවත් වුයේ 1948 පෙබරවාරි 4 වෙනිදා අපට ලැබුන උත්තරීතර නිදහසෙනි. 1796දී ඉංග්‍රීසීන් පැමිණ අප රට මතට පතිත කළ සූරා කෑමේ යාන්ත්‍රණය විසින්ම ඔවුන්ව මෙරටින් පිටමන් කර දැමීමේ සැගවුනු පිඹුරු පත නිර්මාණය වීම අවසානයේ ඔවුන් අත්විදි කටුක අත්දැකීමකි. එය වෙනත් වචන වලින් සදහන් කරනවානම් ඉංග්‍රීසීන් තමන්ගේ වල තමන් විසින්ම කපා ගත්තා හා සමානය.


වසර 133 ඉංග්‍රීසි පාලනයෙන් අප උරුම කරගත් දේ ගැන මා අතින් එලෙස වර්ණනා කෙරුනද ඔවුන්ගෙන් ලද ඒ වටිනා 48 මේ නිදහස අප මනාව කළමනාකරණය කර හසුරුවා නොගත්තේය යන්න මා දරණ පෞද්ගලික මතයවේ. ඒ පිළිබදව අදහස් කිහිපයක් එකතු කරමින් මෙම පරිච්ජේදයේ නිමාව දැකීමට බලාපොරොත්තු වෙමි.


ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක අවශ්‍ය තාවය දැනුනේ මේ ඊයේ පෙරේදා යැයි කීවොත් එය වැරදි කියමනකි. 1948 ස්වයං පාලන බලතල හිමි වීමත් සමග සැබෑ දේශපාලන නිදහසක් බවට එම අවකාශය පත්කර ගැනීමට එදා රටවැසියාට අවශ්‍යතාවය තිබුනද එවැනි උවමනාවක් එකල පාලක කල්ලියට නොතිබීම වර්ථමානයේ වර්ධනය වෙමින් පවතින අරාජික පාලන ස්වභාවයේ මුල් බීජය ලෙස සදහන් කළ හැකිය. ඔවුන් එදා දොහොත් මුදුන් දී ඉතා යටහත් පහත් අයුරින් භාරගත්තේ යටත් විජිත පාලකයන් තමන්ට අවශ්‍ය පරිදි සකස්කරදුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි.සෝල්බරි ව්‍යවස්ථාව යනුවෙන් හැදින්වූ එය සැබැවින්ම කෛරාටික ඉංග්‍රීසීන් අප සමග එදා ඇතිකරගත් නව යටත් විජිත දේශපාලන ගිවිසුම විය.


1947 පැවැත්වූ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රථීපල හරිහැටි කළමණාකරණය කරගැනීමට එකල පැවති වාම දේශපාලනයට හැකියාව තිබුනි. එය සිදුවුනි නම් එදා සිට ලංකාවේ ඉතිහාසය අද දක්වා වෙනස් ආකාරයකින් ලියැවෙන්නට ඉඩ තිබුනි. අද ලංකාවේ පුරවැසියන් පෙළන වාර්ගික , ආගමික, අසමගිය, සැකය, ගැටුම වලක්වා ගැනීමට තිබූ ස්වර්ණමය අවස්ථාව එයයි. අද පවා නව න්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ ප්‍රයන්තයට ඇති බාධා ඉපදී හැදී වැඩුනේ ඉහත සදහන් මූලික අවස්ථාව පැහැර හැරීම හේතුකොට ගෙනය.


මේ නයින් බලන කල යටත් විජිත පාලනයෙන් නිදහස ලැබූ ඉන්දියාව එදා තම ස්වාධීනත්වය තහවුරු කරණ නව ව්‍යවස්ථාවක් තමන් විසින්ම සකස් කර ගැනීමට තරම් පොහොසත් වූවාය. ඉන්දියාවේ නිදහස භාරගත්තේ යටත් විජිත පාලකයන් විසින් ලංකාවේදී මෙන් පුහුණු කරනු ලැබූ කල්ලියක් විසින් නොවේ. ඉන්දියාවේදී එතැන සිටියේ භාරත නිදහස් සටනේදී එහිම හැදී වැඩුනු ඉන්දියානුම නායකත්වයකි. තම ව්‍යවස්ථාව තමන් විසින්ම සකසා ගැනීමට ඉංදියාවට හැකි වූයේ එනිසාය. 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී යටත් විජිත පාලනයට විරුද්ධවූ දේශපාලන පක්ෂ හා පුද්ගලයන් ලද්දාවූ අනගී අවස්ථාව ඔවුන් පැහැර හැරියා පමණක් නොව අඩුම ගානේ ඉන්දියාව ලබා දුන් මා හැගි ආදර්ශයවත් ගුරුකොට ගත්තේ නැත. එදා ඔවුන් සිදුකල බරපතල වැරැද්දේ ප්‍රථිපල වර්ථමාන ලාංකීය ප්‍රජාව අද ඉතා කටුක ලෙස අත් විදිමින් සිටින බව පමණක් මෙහිලා සදහන් කළ යුතුය.



ganemulla